විශ්රාම වැටුප් සැකසීම
- නව විශ්රාම වැටුප් සකස් කිරීම
- වැන්දඹුවන්ගේ විශ්රාම වැටුප සකස් කිරීම
- අනත්දරු විශ්රාම වැටුප සකස් කිරීම
- ආබාධිත පුද්ගලයින් සඳහා විශ්රාම වැටුප් සකස් කිරීම
- උරුමක්කාරයන් සඳහා විශ්රාම වැටුප් සකස් කිරීම
නව විශ්රාම වැටුප් සකස් කිරීම
විශ්රාමිකයා අවසන් වරට සේවය කළ ආයතනයෙන් විශ්රාම වැටුප් ගොනුව ලබා ගැනීමෙන් පසු පහත සඳහන් දෑ ඉදිරිපත් කළ යුතුය
විශ්රාම වැටුප සකස් කිරීම සඳහා ලියකියවිලි .
- විශ්රාමික හැඳුනුම්පත සහ භාණ්ඩාගාරය 70
- අදාළ ප්රදේශයේ ග්රාම නිලධාරි වෙතින් පදිංචි සහතිකය
- බැංකු ගිණුමේ පාස් බැංකුවේ ඡායා පිටපතක්
- විශ්රාමික ප්රකාශ පත්රය
වැන්දඹුවන්ගේ විශ්රාම වැටුප සකස් කිරීම
සිවිල් විශ්රාම වැටුප විශ්රාමිකයා මියගිය මාසයේම නතර කිරිමට අප කාර්යාලයට දැනුම් දිම සහා මරණ පාරිතෝෂික ගොනුව අප කාර්යාලයට ලැබිමෙන් පසුව මරණ සහතිකයේ ඡායා පිටපතක් සහා වැන්දඹු අනත්දරු අංකය යොදා අප වෙත වැන්දඹු විශ්රාම වැටුප් ඉල්ලිම් ලිපියක් ඉදිරිපත් කරන්න. විශ්රාම වැටුප් දෙපාර්තුමේන්තුවේ වැන්දඹු අනත් දරු අංශයෙන් චැන්දඹු ලිපිගොනුව අප ප්රාදේශිය ලේකම් කාර්යාලයට එවු බවට ලිපියක් ලද විට පහත සදහන් ලියවිලි ඉදිරිපත් කළ යුතුය.
- විවහ සහතිකයේ මුල් පිටපත
- නමේ වෙනසක් ඇතොත් දිවුරුම් සහතිකයක්
- මරණ සහතිනයේ මුල් පිටපත
- ගෙවන ලද විශ්රාම වැටුප් ප්රදාන පත්රයේ පිටපත
- අව්ර21ට අඩු දරුවන්ගේ උප්පැන්න සහතිකය
- 3 ¼, 2 ¼ ප්රමාණයේ ඡායා රූප තුනක් ග්රාම නිලධාරි ලවා සහතින කර තබා ගන්න
- ඔබේ ජාතික හැදුනුම්පත ද කරුණාකර මා වෙත ඉදිරිපත් කරන්න
අනත්දරු විශ්රාම වැටුප සකස් කිරීම
මරණ පාරිතෝෂිතය ගොනුව අප කාර්යාලයට ලැබීමෙන් පසුව වැන්දඹු අනත්දරු ලිපිගොනුව විශ්රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් අප කාර්යාලයට එවු බවට ලිපියක් ලද විට,අනත්දරුවා පහත සඳහන් ලියවිලිද රැගෙන අප කාර්යාලයට පැමිණීය යුතුය.
- අනත්දරුවාගේ උප්පැන්න සහතිකය
- මව සහ පියාගේ මරණ සහතික වල මුල් පිටපත්
- මව සහ පියාගේ විවහ සහතිකය
- අවු18 ට අඩු නම් භාරකරුවෙකු සමඟ 21 වැඩි5/1,6,7,8 අයදුම් පත් ඉදිරිපත් කල යුතුය
ආබාධිත පුද්ගලයින් සඳහා විශ්රාම වැටුප් සකස් කිරීම
ලබා ගන්නා විශ්රාම වැටුප හෝ වැන්දඹු විශ්රාම වැටුප විශ්රාමිකයා මිය ගිය මාසයේම නතර කිරීමට අප කාර්යාලයට දැනුම් දිය යුතුය. පහත සඳහන් අයදුම්පත් ඉදිරිපත් කල යුතුය.
- නිත්ය ආබාධිත දුබලතාවයට පත් අනත්දරුවන් සඳහා වු අබාධිත විශ්රාම වැටුප් ඉල්ලුම් පත ( අබා 01 ) සහ
- අබාධීත බාලවයස් දරුවාගේ / දරැවන්ගේ භාරකරුවන් විසින් සැපයිය යුතු දිවුරුම් ප්රකාශයේ ( අබා 02 )
අබාදිත මූලික පරික්ෂන සඳහා දැනුම්දෙන දිනයේදී හා වේලාවට අප කාර්යාලයට පැමිණිය යුතුය භාරකරුවෙකු අවශ්ය වන්නේ නම් එම පුද්ගලයාද මූලික පරික්ෂනයට පැමිණිය යුතුය
උරුමක්කාරයන් සඳහා විශ්රාම වැටුප් සකස් කිරීම
- විශ්රාම වැටුප හෝ වැන්දඹු විශ්රාම වැටුප නතර කිරීමට අප ප්රාදේශිය ලේකම් කාර්යාලයට දැනුවත් කිරීම
- මරණ සහතිකයේ මුල් පිටපත
- එම මුදල එක් අයකුට ගෙවීමට අනෙක් උරුමක්කරුවන් විරුද්ධබාවයක් නොමැති බවට ඔවුන්ගේ නම් සහ අත්සන් සහිත සමාදාන විනිශ්චයකරුවකු ඉදිරිෙය් අත්සන් කරණ ලද ලිපියක්
- (විවහක / අවිවාහක සෑම අයගේම)
- පවුලේ උරුමක්කාරයින්ගේ නම් , මියගිය අයට ඇති ඥාති සම්බන්ධය, වයස, ස්ත්රී පුරුෂභාවය, ඇතුලත් පවුලේ අය සම්බන්ධ විස්තර ඇතුලත් ග්රාම සේවක වාර්තාවක් ( එය ප්රාදේශිය ලේකම් ? උප දිසාපති විසින් සහතික කල යුතුය)
- පොදු 77 ආකෘති පත්රය
- මෙම මුදල චෙක්පතකින් ගෙවනු ලබන බැවින් කරුණාකර ඔබේ බැංකු ගිනුමේ අංකය හා බාංකුවේ නම සඳහන් කරන්න
- සිවිල් (භා සහ ගප 128)
වැන්දඹු( භා සහ ගප 129)
අබාධීත ( භා සහ ගප 130)

















