වාහන ආදායම් බලපත්රයක් ලබා ගැනීමට අවශ්ය ලිපි ලේඛන කවරේද?
- වාහනයට අදාල පොතේ මුල් පිටපත(ලීසින් කර ඇති වාහනයක් නම් එම ආයතනය විසින් සහතික කරන ලද පොතේ පිටපත)
- දුම් සහතිකය
- වාහනයේ රක්ෂණ සහතිකය
- පෙර වසරේ ආදායම් බලපත්රය
නැති වූ වාහන ආදායම් බලපත්රයක් නැවත ලබා ගන්නේ කෙසේද?
- වාහනයට අදාල පොතේ මුල් පිටපත
- වාහනයේ රක්ෂණ සහතිකය
- ආදායම් බලපත්රය නැති වූ දින සිට කල් පිරෙන දින දක්වා අදාල ගාස්තු ගෙවීමට සිදු වේ
- වාහන ආදායම් බලපත්රය නැතිවූ බවට පොලිස් පැමිණිල්ලේ පිටපත
වෙනත් කොට්ඨාසවලට අයත් වාහනවල ආදායම් බලපත්ර මෙම කාර්යාලයෙන් ලබාගත හැකිද?
- වයඹ පලාත තුල ඔනෑම කොට්ඨාසයක ආදායම් බලපත්රයක් මෙම කාර්යාලයෙන් ලබා ගත හැකිය
ගර්භණී මව්වරුන්ට ලබා දෙන රු. 20,000/= පෝෂණ දීමනාව ලබා ගන්නේ කෙසේද?
- ගැබ් ගෙන මාස 3ක් ඉක්මවීමට පෙර ඔබ සහභාගී වූ මාතෘ සායනය අයත් ප්රාදේශීය ලේකම් කාර්යාලයේ මුල් ළමාවිය සංවර්ධන නිලධාරී හෝ මෙම වැඩසටහන ක්රියාත්මක කරන නිලධාරියාගෙන් අයදුම්පතක් ලබා ගත හැකිය
රාජ්ය නොවන ස්වේච්ජා සංවිධානයක් ලියාපදිංචි කරන්නේ කෙසේද?
පහත ලිපි ලේඛන සම්පූරණකර ඉදිරිපත් කිරීමෙන් රාජ්ය නොවන සංවිධානයක් ලියාපදිංචි කල හැක.
- සංවිධානයේ ව්යවස්ථා මාලාව
- ආරම්භක රැස්වීම් වාර්තාව
- ව්යවස්ථාව පිළිගත් රැස්වීම් වාර්තාව
- වත්මන් නිලධාරී මණ්ඩලය පත් ර ගත් රැස්වීම් වාරතාව
- ස්වේච්ජා සංවිධාන ලියාපදිංචි කිරීමේ පනත යටතේ ලියාපදිංචි කිරීම සඳහා යෝජනා සම්මත කර ගත් රැස්වීම් වාරතාව
- ලිපිනයන් සහිත නාම ලේඛනය
පෙර වර්ෂය සඳහා ආදායම් වියදම් ගිණුම් හා ශේෂ පත්රය(රජයේ පිළිගත් ගණකාධීකාරවරයෙකු විසින් නිකුත් කළ වාර්තාව්ක් විය යුතුය)
- බැංකු ගිණුමේ මුල් පිටුවේ හා අවසන් ශේෂය සඳහන් පිටුවේ ජායා පිටපතක්
- ඉදිරියේදී කිරීමට යෝජිත වැඩ සැලැස්ම
- මෙතෙක් කල වැඩ සටහන්/ව්යාපෘති වල ප්රගති වාර්තා
- සංවිධානයේ ක්රියාකාරී ස්වභාවය
- ග්රාම නිලධාරී සහතිකය
වැඩිහිටි ආධාර ලබා ගැනීමට අවශ්ය සුදුසුකම් මොනවාද?
- ඉල්ලුම් කරන දිනට වයස අවුරුදු 70ට වැඩි
- පවුලේ ආදායම මාසයකට රු. 3000ක් හෝ ඊට අඩු නම්
- ස්වාමිපුරුෂයා හෝ බිරිඳ යන අයගෙන් එක් අයකුට මේ සඳහා ඉල්ලුම් කළ හැකිය.
උප්පැන්න/මරණ සහතික නිකුත් කිරීම?
- උප්පැන්න හෝ විවාහ හෝ මරණ සහතිකයේ අංකය හා දිනය දන්නේ නම් රුපියල් 100ක්ද,
- උප්පැන්න හෝ විවාහ හෝ මරණ සහතිකයේ අංකය හා දිනය නොදන්නේ නම් රුපියල් 200ක්ද ප්රාදේශීය ලේකම් කාර්යාලයට ගෙවා සහතික පත් ලබා ගත හැකිය.
වෙනත් කොට්ඨාසයකට අදාල උප්පැන්න,මරණ,විවාහ සහතික මෙම කාර්යාලයෙන් ලබාගත හැකිද?
- දිවයිනේ ඕනෑම දිස්ත්රික්කයක ඉහත සහතික මෙම කාර්යාලයෙන් ලබාගත හැකිය.(1950 වර්ෂයට පසු සහතික)
උපත් ලියාපදිංචි කරන්නේ කෙසේද?
- සාමාන්ය උපතක් ලියාපදිංචි කිරීම සඳහා උපත සිදු වී මාස තුනකට කලින් අදාළ කොට්ධාශයේ උප්පැන්න ලියාපදිංචි කිරිමේ රෙජිස්ට්රාර්වරයකු මුණ ගැසී උපත ලියාපදිංචි කර ගත යුතුය.
- මාස තුනක් පසුවූ උප්පැන්න ලියාපදිංචි කිරීම සඳහා අතිරේක දිස්තික් රෙජිස්ට්රාර් මුණ ගැසී අදාළ තොරතුරු ලබා ගන්න.
උප්පැන්න සහතිකයේ සංශෝධන කටයුතු සිදු කරන්නේ කෙසේද?
- අදාළ ලියකියවිලි රැගෙන අතිරේක දිස්ත්රික් රෙජිස්ට්රාර් මුණගැසෙන්න.
සිවිල් විශ්රාමිකයා මිය ගිය පසු වැන්දඹු අනත්දරු විශ්රාම වැටුප සාදා ගන්නේ කෙසේද?
- පළමුව විශ්රාමිකයාගේ මරණ සහතිකය ලබා ගෙන විශ්රාම වැටුප නතර කිරීම.
- වැඩිපුර මුදලක් තිබේ නම් එය ගෙන්වා ගැනීමට බැංකුවට ලිපි දැමීම.
- පසුව අදාල පුද්ගලයා පහත සඳහන් ලිපි ලේඛන රැගෙන එන ලෙස දැනුම් දීම.
- විශ්රාමිකයාගේ මරණ සහතිකයේ මුල් පිටපත
- වැන්දඹුවගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත
- විවාහ සහතිකයේ මුල් පිටපත
- වැන්දඹුවගේ බැංකු පොතේ ඡායා පිටපතක්
- වැන්දඹුවගේ හැදුනුම්පතේ ඡායා පිටපතක්
- වැන්දඹු අනත්දරු කාඩ්පතේ ඡායා පිටපතක් හෝ වැන්දඹු අනත්දරු අංකය
- ග්රාම නිලධාරි විසින් සහතික කරන ලද පාස්පෝට් ප්රමාණයේ වර්ණ ජායාරූපයක්
- ඉහත ලියවිලිවල ඡායාපිටපත් සියල්ල ග්රාම නිලධාරී විසින් සහතික කල යුතුය.
- අනතුරුව ඔවුන් අදාල තොරතුරු ලබා දුන් පසු ලිපිගොනුව රැගෙන වැන්දඹු අනත්දරු විශ්රාම වැටුප සෑදීමට අවශ්ය කටයුතු කිරීම.
වැන්දඹුව මියගිය පසු විශ්රාම වැටුප උරුමකරුවන්ට ගෙවන්නේ නැත්තේ ඇයි?
වැන්දඹු අනත්දරු විශ්රාම වැටුප් පනතට අනුව වැන්දඹු අනත්දරු විශ්රාම වැටුප් මුදලට හිමිකම් ලැබූ පුද්ගලයෙක් මිය ගිය පසු එකී පුද්ගලයාට හිමි විය යුතු වැටුපක් හෝ හිඟ මුදලක් ඇත්නම් එම මුදල් ඔවුන්ගේ උරුමකරුවන් වෙත ගෙවීම සඳහා නෛතික ප්රතිපාදන නොමැති බව පහදා දීම.

















