සමෘද්ධි ප්‍රතිලාභීන් සවිබල ගැන්වීමේ වැඩසටහන

වීරඹුගෙදර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි  බැංකු සංගම් 03කි. මෙහි සමෘද්ධි  ප්‍රතිලාභ ලබන පවුල් ඒකක2191 පමණ තිබේ.

මෙහි පවතින සමාජ පරිසරය හා ආර්ථික වටපිටාව අනුව කර්මාන්ත සංවර්ධන හා අලෙවි සංවර්ධන වැඩසටහන අනුව පහත දැක්වෙන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් කර ඇත.

සුළු හා මධ්‍යම පරිමාණ අලෙවි හා  කර්මාන්තකරුවන් වෙනුවෙන් වැඩි අවධානයක් යොමුව තිබේ. ඒ යටතේ ඇඟළුම් කර්මාන්තය සඳහා ජුකි මැෂින් හා මහන මැෂින් ලබාදීමේ ව්‍යාපෘති, නිවාසවල සිදුකරන වෙළඳ ව්‍යාපාර සඳහා ශිතකරණ, තරාදි හා වෙනත් උපකරණ කට්ටල 70ට අධික සංඛ්‍යාවක් ලබාදීමට හදුනාගෙන ඇත.  කර්මාන්ත ව්‍යාපෘති යටතේ වඩු වැඩ යන්ත්‍ර, තෙල් සිදින යන්ත්‍ර,කුළු බඩු නිෂ්පාදනය සඳහා කුඩා වර්ගයේ ඇබරුම් යන්ත්‍ර , ලණු ඇබරීමේ කර්මාන්තය සඳහා ලණු මෝල් යන්ත්‍ර මේ වන විට ලබා දී ඇත

එමෙන්ම  සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් ගේ දියණුව සඳහා සදහා බිම් මල් වගා කිරීමේ අමුද්‍රව්‍යඅත් බෑග් නිෂ්පාදනය කිරීමේ මැෂින් ,ඕකිට් මල් වගා අච්චුව ලබා දීමට කටයුතු යොදා ඇත.

 

පුවත් සහ සිදුවීම්

Scroll To Top